Friday, October 23, 2020

Network lesson A/L


ජාලකරණ දෘඩාංග


අද අපි Crimping Tool එක ගැන කතා කරමු. 

ජාලකරණයට අමතරව තවත් බොහෝ අවස්ථාවල Crimp කිරීම භාවිතාවෙනවා.. Crimp කිරීම කියන්නෙ cable එකක් terminate කිරීමක්... ඒ කියන්නෙ කේබල් එකක අවසානය ඉතා සියුම් ස්ථිර දෘඩ හා භාවිතයට පහසුවන ලෙස සකස් කිරීම.


Crim කරද්දි connector කොටස හා කේබල් කොටස දැඩි පීඩනයකට ලක් කරල ඉතා හොඳින් හා තදින් සම්බන්ධවන විදිහට සකස් කරනවා....

මෙහෙම කරන්න තියන උපකරණය තමයි crimping tool එක කියන්නේ.. ඉතිං එක එක කේබල්ස් එක එක විදිහට අවසන් වන නිසා එක එක ආකරයේ terminator වලට සෙට් වෙන නිසා විවිධ ආකාරයේ crimping tools දකින්නට තියනවා... අපි මෙහිදී කතාකරන්නෙ Network Crimping Tool එක ගැන...


අපි පසුගිය පාඩමේදී PINOUTS ගැන හෙවත් කලර් කෝඩ්ස් ගැන කතා කරානෙ.. මෙන්න මේ වර්ණ අනුපිළිවෙලට හදාගත්ත වයර් අට RJ 45 එක තුළට දාලා ඒක තදකරල හොඳටම සෙට් වෙන්න තමයි crimping tool එක ඕනි වෙන්නේ..  pins අටම පැහැදිලිවම සම්බන්ධ වෙන්න ඕනි නිසා මේ tool එකෙන් tightening එකක් කරන්නෙ.. RJ 45 එකත් පොඩ්ඩක් කැඩිලා පාත්වෙලා සෙට්වෙනවා crimp කරාම... 


Twisted Pair වගේ cables අන්තවන හෙවත් terminate වන connectors වලට පොදුවේ කියන්නේ modular connectors කියලා..  RJ45 , RJ 11, RJ 9, RJ50 ආදී අන්වර්ත නම් වලින් හඳුන්වන්නේ මේ modular connectors තමයි....


RJ45 එක හරියටම නම් කරනවනම් අපි ඒකට කියන්නෙ 8P8C Plug එක කියලා..  (8 Positions 8 installed Contacts).... මේක ඉතිං අපිnetworking වලා පාවිචිකරන එක...


RJ 11 කියන්නේ 6P2C / 6P4C plug එක. මේක තමයි telephone line connect කරන්න ගන්නෙ...


RJ9/ RJ22 කියන්නේ 4P4C plug  එක.  මේක තමයි අර land phones වල coil එකක් වගේ තියන handset connector එක...


RJ 50 කියන්නේ 10P10C plug එක . මේක data transfering වලදි තමයි ගන්නේ... 


ස්ත්‍රී පුරුෂභාවය හෙවත් Gender එක ගත්තම.. අපිට වගේම මේ cables plugs වලටත් තියනවා... 

සාමාන්‍යයෙන් ගත්තොත් plugs කියන්නේ Male . 

Jacks/sockets කියන්නේ female. 


එතකොට plugs තියේන්නේ cable terminate කරන්න...

Jacks තියෙන්නෙ උපකරණයක හරි pannel එකක හරි බිත්තියේ හරි වගේ ස්ථිර location එකක...


එතකොට 8P8C (RJ45)කියන්නේ plug එකක්.. ඒ කියන්නෙ male එකක්... වයර් එකේ තියන pin 8 ම plug connector එකේ condutors වලට තද කරල සෙට් කරන්න දත් අටක් තියනවා crimping tool එකේ....

Crimping tool එකේ RJ45 සහ RJ 11 දෙකටම සපෝර්ට් කරන dies දකින්නට පුලුවන්.. ඒ die එක ඇතුළට අපි සකස් කරපු කේබල් වයර් සෙට් එක සහිත RJ 45 එක ඇතුල් කරලා අඬුවක් වගේ තියන crimoing tool එක තද කරන්න තියෙන්නේ... එතකොට සම්බන්ධ වෙනවා... මේ crimp කරන වැඩේදි plastic plug body එක වෙනස් වෙනවා.. මිරිකිලා පොඩිවෙලා deform වෙනවා.. කේබල් වර්ණ වැරදුනොත් කපලා අයින් කරන්න වෙනවා.. ඒ RJ45 එක ආයිත් ගන්න බෑ.. 


රූපයේ තියන අඬුවක් වගේ පේන crimping tool එක බලන්න ..විවිධ මිල වලට විවිධ ගුණත්වයෙන් යුත් crimping tools තියනවා.. සමහර ඒවා වල cable cut කරන්න.. පරිවාරක කොටස රවුමට strip කරන්න වගේ අමතර පහසුකම් පවා සළසලා තියනවා.. 


තවත් පාඩමකින් හමුවෙමු.. 


 ~~±Cable Testers±~~


අද අපි Cable Testers ගැන කතාකරන්න යන්නේ.. කලින් පාඩම්වලදි අපි වයර්වල color codes ඉගෙන ගත්තනේ.. ඊලඟට ඒ color codes අනුව RJ 45 එක crimping tool එකෙන් crimp කරල කේබල් එක සකස් කර ගත්තා.. ඊලඟට කරන්න තියෙන්නේ ඒ කේබල් එක හොඳ තත්වයේ තියනවද කියල Test කරන එක.. ඒ කියන්නේ හැම pin එකක්ම වැඩද? Pinout color scheme එක හරිද කියලා බලන එක.... අන්න ඒ වැඩේට තමයි අපිට cable tester එකක් ඕනි වෙන්නේ..

 ( පසුගිය පාඩම් ටික බැලුවෙ නැත්නම් Teach ICT මේ page එකට ගිහින් බලල එන්න)


පුළුල්ව ගත්තොත් cable testing කියන්නේ ගොඩාක් දුරදිග යන දෙයක්... ඒකෙන් අපි Network Cabe Teasters ගැන විතරක් කතා කරමු...


"Tester for a Network Technician is similar to a rifle for a hunter" කියලා කියන කියමනෙන්ම ඔබට තේරෙන්න ඕනි මේ කේබල් ටෙස්ටරයක තියන වටිනාකම..


ඉතිං ජාලකරණ ක්ෂේත්‍රය ගත්තත් cable testing කියන්නේ පුළුල් දෙයක්.. ඒ කියන්නේ


CABLE CERTIFICATION TESTERS

CABLE QUALIFICATION TESTERS

CABLE VERIFICATION TESTERS 

කියලා Levels තුනක් තියනවා...


කේබල් එකක් category එකටයි class එකටයි complient වෙනවද කියලා (උදා Cat6 class E) industry Level එකේදි test කරන සිද්ධියක් තමයි CABLE CERTIFICATION TESTING කියන්නේ.. ඒක දැනට අමතක කරන්න... CATERGORIES ගැන පස්සෙ කතා කරමු..


දැනට පවතින Cabling line එකක් අලුත් requirements වලට (උදා Voice Over Internet) support කරනවද කියල කරන පරීක්ෂාවක් තමයි CABLE QUALIFICATION TESTING කියන්නෙ.. ඒකත් දැනට අමතක කරන්න..


අපි මේකෙදි අවධානය යොමු කරන්නේ CABLE VERIFICATION TESTING  ගැන..


සරලවම කිව්වොත් අපි CRIMP කරපු CABLE එක හරිද කියලා බලන එක තමයි අපි මෙහිදී කතා කරන්නේ...


අලුතින් ජාලයක් ගොඩනගන කොටත් තියන ජාලයක් SERVICE කරන කොටත් මේ කේබල් ටෙස්ටර්ස් අවශ්‍ය වෙනවා.  


TESTER එකෙන් පුලුවන් error connections, transmitting problems වගේ ඒවා පරීක්ෂා කරන්න.. ප්‍රධාන වශයෙන් කරන්නෙ cable continuity එක check කරන එකනෙ.... 


ඉතිං... මේ ටෙස්ටර් එකේ කොටස් දෙකක් තියනවා... master part එකයි.. remote part එකයි කියලා..  ( රූපය බලල එන්න) 


Master Part එකේ තියනවා on switch එකක්.. LEDs සහ RJ11 සහ RJ45 sockets.... 


Remote part එකේ LEDs සහ RJ11 සහ RJ45 sockets තියනවා... 


මේක 9v බැට්‍රි එකකින් ක්‍රියාත්මක වෙන්නේ... 


මේ කොටස් දෙකෙන් එකකට එක අන්තයකුත් අනෙක් එකට අනෙක් අන්තයත් ගහල LED 8 ම පත්තුවෙනවද කියල බලන්න පුලුවන්.. (MASTER කොටසට දෙපැත්තම ගහල බලන්න පුලුවන් ඒවත් තියනවා)


Ethernet Switch එකට  master part එක connect කරලා බිත්තියේ keystone එකට remote part එක set කරාම අපිට ඒ සම්පූර්ණ වයර් එක check කරන්න පුලුවන්... 


මේ remote part එකට  terminator එක කියලත් කියනවා... 

රුපියල් 600 ඉඳන් දහස් ගණන් දක්වා තියනවා මේ cable teasters..


හොඳ එකක් හොයනවනම් පහත දේවල් බලන්න..


Batry Life

Display Method

Cable Tests

Dimensions

Operating Temerature. 


හරි... ඔබට දැන් cable tester ගැන ලොකු අවබෝධයක් තියනවා... මේ වගේ tester එකක් නැතිනම්... ඉදිකටු දෙකකුයි multimeter එකයි අරන් pin එකෙන් pin එකට අමාරුවෙන් ඉවසීමෙන් test කරන්නත් පුලුවන්... 

තවත් ජාලකරණ දෘඩාංග පාඩමකින් හමුවෙමු....


පස්වන පාඩම 

~±ජාලකරණ දෘඩාංග±~

#Patch_Panel

#Rack_Cable_Manager

#Puch_Down_Tool

#Patch_Cables


කලින් පාඩම් බැලුවෙ නැත්නම් මේ පේජ් එකට ගිහින් කියවලා එන්න Teach ICT 


අද අපි ප්‍රධාන වශයෙන් patch panel එක ගැන තමයි කතා කරන්නෙ...

අදලෝකේ හැමදෙයක්ම wireless වෙවී ගියාට වේගවත්ම ජාලකරණයක් සඳහා අපිට අවශ්‍ය වෙන්නේ wired system එකක්... 


දැන් අපි ජාලකරණ කෙවෙනි ගැන කතා කරානේ .  RJ45 කේබල් සම්බන්ධ කරානෙ.. ඒවා crimp කරල cable tester එකකින් test කරානේ.. දැං ඒ කේබල් එක wall socket එකේ ඒ කියන්නෙ face plate එකේ ඉඳන් switch එක ලඟට ඇදගෙන යන්න ඕනිනෙ..

ඔබට මතකද අපි කලින් keystone එක කියලා එකක් ගැන කතා කලා .. keystone එක කිව්වේ කම්පියුටරයෙන් යන cable එක wall එකලඟින් කනෙක්ට් වන සොකට් එක   .. අන්න ඒ keystone එකේ ඉදලා යන වයර් එක බිත්තියේ කේසින් එක දිගේ ගිහිල්ලා Switch එකට කලින් සෙට් වෙන තැන තමයි patch panel කියන්නේ ... 

එතකොට දැන් ඒ මාර්ගය මතක් කරමුද?  ඉස්සෙල්ලාම ජාලකරණ කෙවෙණිය.... ඒකෙ ඉඳන් බිත්තියේ face plate එකේ මැද තියෙන keystone එක..... හරි... ඊළඟ තැන තැන තමයි පැච් පැනල් එක .....  patch panel එකෙන් පස්සෙ තමයි patch cable හරහා switch එකට යන්නේ... දැන් තේරුණාද? අපි පරිගණකයේ ඉඳල යන network cable එක switch එකට යනවා කිව්වටා ඊට කලින් තැන් දෙකකට යනවා... ඒ තමයි keystone එකයි patch panel එකයි.. 

හරි දැන් දන්නවනේ අපි අද කතාකරන මේ patch panel එක කොහෙද තියෙන්නෙ කියලා...


ජාලකරණය ගත්තාම patch panel එකෙක් කියන්නේ හාඩ්වෙයාර් උපාංගයක් .... මේක තියෙන්නේ වයර් ගොඩක් organize  කරන්න විතරයි..   එකම වර්ගයේ Jacks  ගොඩක්තමයි patch panel එකේ තියෙන්නේ ...


Patch Panel එකට Patch Bay හෝ patch field  එක කියලත් කියලා ...(patch panel පින්තූරය බලල එන්න)


wired network එකක multiple wall ports ටික central location එකකට අරන් තියන port array එකකට (කෙවෙනි අරාවකට) තමයි අපි patch panel එකක් කියන්නේ..සරලවම කිව්වොත් RJ45 sockets සෙට් එකක්... ඉතිං ස්වීච් එකත් එහෙමයිනේ.. ඔව්...ඒත් මෙයා එච්චර වැඩ්ඩෙක් නෙමෙයි.. සම්බන්ධකයක් විතරයි... 

12 ports, 24 ports හෝ 48 ports සහිත patch panel තමයි බහුලවම තියෙන්නේ.. 96 ports ඒවත් ඒවගේම ඇතැම් විට 336 ports තියන පැච් පැනල්ස් පවා තියනවා... අර සර්වර් රූම්ස් වල එහෙම තියෙන්නේ උසම උස racks ...


Patch Panels  ඒවායේ ඇති port ගාන අනුව වර්ග කරනවා වගේම cable specifications අනුවත් වර්ගකරනවා.. Cat5E, Cat6, Cat6A, Cat7 වගේ වර්ග තියනවා....


මේක switch එකට support කරන්න ඉන්න passive component එකක්...  මේකෙ හැම port එකක්ම number කරල තියන හිංද ජාලකරණ trouble shooting වලදි පහසුවක් වෙනවා.. අපි මේකෙදි wall socket එකේ අංකයම වයර් එක මැදයි patch panel එකෙයි දාන හිංදා සියලුමවයර් වෙනවෙනම හඳුනාගන්න පුලුවන්.....


මේක නැතුව ස්වීච් එක විතරක් තිබ්බනම් errors හොයාගන්න හරිම අමාරු වෙන්න පුලුවන්...


Switch එකට උඩිං හෝ යටින් network rack එකට Attach කරල තමයි මේක තියෙන්නේ..  patch panel එකට එන කේබල්ස් ටික manage කරල දෙන්න තවත් උපාංගයක් තියනවා ඒකට කියන්නේ rack cable manager කියලා.. (පින්තූරය බලල එන්න ) 

 එතකොට  ඔයාලට තේරෙන්න ඕනි අර පරිගණකවිද්‍යාගාරයේ තියන network  box එක ඇතුලෙ... switch තියනවා.. patch panel තියනවා.. rack cable manager තියනවා....


Patch Panel එකක් U1 ක් හෙවත් අඟල් 1.75 ක් විතර උසින් යුක්තයි... කේසින් rack එකක් ගනිද්දි මේවත් බලන්න එපැයි...උස කොච්චරද කියලා...


ඉතිං මේ patch පැනල් එකේ ඉඳන් switch එකට සෙට් වන පොඩි network  cables වලට අපි කියන්නෙ Patch Cables කියලා... (පින්තූරය බලල එන්න) 


Keystone එකට හරි patch panel එකට හරි වයර් සෙට් කරන්නේ අර cables හදද්දි වගේ crimping  tool එකෙන් crimp කරලා නෙමෙයි.. 

Color System එකත් වෙනස්.. colors නම් මේ units වල ගහල තියනවනේ.. මේවට වයර් සෙට් කරන tool එකට කියන්නෙ punch down tool එක  කියලා... (පින්තූරය බලන්න) 


හරි ... අද අපි patch panel එක ගැන ඉගෙන ගත්තා... තවත් පාඩමකින් හමුවෙමු... 

හයවන පාඩම 

~±ජාලකරණ දෘඩාංග±~

#Straight_Through_Cable

#Cross_Over_Cables


(කලින් පාඩම් බැලුවෙ නැත්නම් Teach ICT මේ පේජ් එකෙට ගිහින් බලන්න)

ඔයාලට මතකද අපි Pinouts ගැන කතා කළානෙ.... ඒකෙදි අපි 568A සහ 568B කියලා color ක්‍රම දෙකක් ගැන කතා කළා.. 


මතකද ඒවායේ colors ටික.. 

o O g B b G br BR මෙහෙම ලිව්වොත් හිතාගන්න පුලුවන්ද? Simple අකුරින් තියෙන්නේ ලාවර්ණය capital අකුරින් තියෙන්නේ තද වර්ණය... උදාහරාණයකට "o" කියන්නේ white orange .. "O" කියන්නේ Orange. 


දැං කියන්න මේ colors ටික o,O,g, B, b, G, br, BR කියන්න පුලුවන්ද? 


White Orange

Orange

White Green

Blue

White Blue

Green

White Brown

Brown 


හරි මෙන්න මේ දැං කියපු කලර් කෝඩ් එක තමයි 568A කියන්නේ... 

UTP කේබල් එකේ තියන වයර් යුගල් 8 අරන් මේ order එකට හැදුවම අපි ඒකට කියන්නේ 568A Pinout එකක් කියලා...


දැන් බලමු 568B 


g, G, o, B, b, O, br, BR දැන් ඉතිං මේක read කරන්න පුලුවන් නෙහ්...


White Green

Green

White Orange 

Blue

White Blue 

Orange

White Brown

BrownBrown


මේ දෙකෙන් එකක් අරන් ඒ ගත්ත එකම වයර් එකේ දෙපැත්තට සෙට් කරොත් ඒකට තමයි කියන්නෙ straight through කියලා... 

අපිහිතමු UTP cable එකේ එක පැත්තකට 568A color method එක set කරලා අනෙක් පැත්තටත් 568A කියන method එකෙන්ම connect කරා කියලා.... ඒකට තමයි straight through කියන්නේ......


එක පැත්තක 568A සම්මතයත් අනෙක් පැත්තේ 568 B සම්මතයත් සෙට් කරොත් අපි ඒකට කියන්නේ cross over cable කියලා...


හරි දැන් straight through හරි cross over හරි cable wiring කරන විදිහ දන්නවනෙ...


මේ straight through cable එක අපි පාවිච්චි කරන්නේ  එකම වර්ගයේ නොවන වෙනස් උපාංග සම්බන්ධ කරන්න.. (Devices of different types) .. ඒ කිව්වෙ computer-to-Network switch වගේ වෙනස් උපාංග දෙකක සම්බන්ධ කරන්න තමයි අපි straight through cable එහෙම නැතිනම් patch cable භාවිතා කරන්නේ........


Cross Over Cables පාවිච්චි කරන්නේ (devices of same type) එක සමාන උපාංග සම්බන්ධ කරන්න.... පරිගණක දෙකක් සම්බන්ධ කරද්දි... switch දෙකක් සම්බන්ධ කරද්දි.. වගේ අවස්තාවල තමයි අපි cross over cables යොදාගන්නේ....


මොකද එක සමාන උපාංගත් එක්ක කටයුතු කරද්දි එක අන්තයක් signal transmit කරන්නත්.. අනෙක් අන්තය signal recieve කරන්නත් අවශ්‍ය වන නිසා .. cross over අවශ්‍ය වෙනවා... straight through වල pin 1 සෙට් වෙන්නේ අනෙක් පැත්තෙ pin1 එකට .. එතකොට එක්කො දෙන්නම recieve නැත්නම් දෙන්නම transmit.. එව් අවුල නිසා තමයි cross over එකක් ඕනි වෙන්නේ....


හැබැයි දැන් වෙන කොට Auto MDI-X හැකියාව තියෙන (Auto Medium Dependant Interface ) තියන හිංදා recieve හා transmit signals ස්ව්‍යංක්‍රීයව reconfugure කරලා වැඩේ කරනවා මොන කේබල් එකක් ගහල තිබ්බත්...


හරි එහෙනම් straight through cables හා cross over cables කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න ඇති කියලා හිතනවා.. තවත් network hardware පාඩමකින් හමුවෙමු...

හත්වන පාඩම

~±ජාලකරණ දෘඩාංග±~

#Twisted_Pair_Cable


අපි අද කතාකරන්නේ "ඇඹරුණ කම්බි යුගල්" ගැන... කලින් පාඩම් බැලුවෙ නැත්නම් මේ පේජ් එකට ගිහින් බලන්න Teach ICT...


ඉතිං මේ යුගල් වශයෙන් අඹරල තියෙන්නෙම cross talk අඩු කරන්න... 😊 මොනවද මේ cross talk ??? 

වෙනත් වයර් එකකින් විද්‍යුත් චුම්බක ප්‍රේරණයක් (elecetro magnetic radiation) emitt කරාම තවත් වයර් එකකින් ඒක pick up කරන එක තමයි  cross talk කියන්නෙ..


එකෙක් emit කරනව අනිකා pick up කරනවා.. ඉතිං cross talk වෙනවා.. මේක අඩුකරන්න කරන එක වැඩක් තමයි යුගල වශයෙන් අඹරන එක... 


මේ twisted pair වයර් මුලින්ම ලෝකෙට හඳුන්වා දුන්නේ Alexander Graham Bell එක්දහස් අටසීය ගණන්වලදි..😶 coax සහ fiber එක්ක කරට කර ඉඳිමින් අද දක්වාම දුරකතන ක්ෂේත්‍රයේත් පරිගණක ජාලකරණ ක්ෂේත්‍රයේත් ලාබදායි සගයෙක් විදිහට twisted ජනප්‍රිය වෙලා ඉන්නවා....


අපි මේවා ප්‍රාධන වශයෙන් කොටස් දෙකකට බෙදනව  SHEILDED TWISTED PAIR සහ UNSHIELDED TWISTED PAIR කියලා... සිංහලෙන් කිව්වොත් වැසුනු ඇඹරුණු සහ නොවැසුනු ඇඹරුණු කම්බි කියලා...


ඔබ දන්නවනේ මේ වයර් එකක යුගල් 4ක් තියනවා... ඒ කිව්වේ තඹ කම්බි 8 ක් නේ තියෙන්නේ... ඉතිං ඒ කම්බි අට වටේට රබර් පරිවාරකයක් කොහොමත් තියනවනේ. මේ යුගල් හතර බහාලල තියෙන්නෙත් කොහොමත රබර් පරිවාරකයක් තුල නෙහ්...

ඒත් ඊටත් අමතරව මොකක් හරි ආවරණයක් තියනවද නැද්ද කියලා තමයි මේ වර්ගවල අපිට හොයන්න තියෙන්නේ... 


අර වයර් ඇතුළෙ ඊයම් දැලක් වගේ එකක් දැකල තියනවා නේද.. අන්න ඒකට අපි කියන්නේ Braiding ආවරණයක් කියලා... තව ඇලුමිණියම් ආවරණයක් තියනවා ඒකට අපි කියන්නේ foil එක කියලා... ඉතිං foil එක දාල ඊට උඩිං braiding එකක්දාන්නත් පුලුවන්..


 එතකොට සිග්නල් වලට වන භාහිර බලපෑම් අඩු වෙනවා...  ඉතිං මේ ආවරණ අර තනි තනි වයර් යුගල්වලටත් දාලා ප්‍රධාන වයර් එක ඇතුලෙත් දාන්න පුලුවන්... ඒ කියන්නේ අතට ගලව්ස් දාලා ඊට උඩින් අත මේස්දාලා.. ඊට උඩිං ජැකට් එක ඇඳලා.. ඊට උඩිං මුලු ඇඟම ආවරණයවන පොලිතීන් ආවරණයකුත් දැම්ම වගේ වැඩක්.....


ඒ අනුව බැලුවම...  STP UTP නෙමෙයි තවත් දීර්ඝව බෙදන්න පුලුවන්...


U/UTP මේකේ ඇල ඉරට කලින් තියෙන්නේ කේබල් එකට ආවරණයක් දාල නෑ කියන එක.. ඊට පස්සෙ තියෙන්නේ වයර් යුගලය වෙන වෙනම ආවරණය වෙලා නෑ කියන එක..

ඒ නිසා 

U/ UTP වලා cable sheild = none 

                         Pair sheild = none


U/ FTP වල   cable sheld = none

                        Pair sheild = foil (ඇලුමිනියම්)


F/ UTP  වල    cable shield = Foil

                          Pair sheild = none


S/ UTP  වල    cable shield = Braiding (දැල)

                          Pair sheild = none


SF/ UTP  වල    cable shield = Braiding & Foil

                          Pair sheild = none


F/ FTP  වල    cable shield = Foil

                          Pair sheild = Foil


S/ FTP  වල    cable shield = Braiding

                          Pair sheild = Foil


SF/ FTP  වල    cable shield = Brading & Foil

                          Pair sheild = Foil


රූපය බැලුවම braiding එකයි foil එකයි දැක්කම මේ වර්ගීකරණය තේරෙයි.... 


මේව ඉතිං දිගු දුරවලට ගන්නෙ නෑ කෝමත්...


තමන් හදන ජාලය හා ඒ ජාල හිමිකරුවන්ගේ අවශ්‍යතා අනුව තමයි අපි මේ කුමණ වයර් එකද ගන්න ඕනි කියලා තීරණය කරන්නේ.. මොකද මිලගණන් දෙකක්... සිග්නල් ලොස් වෙන්නත් බෑ.. ඒක නිසා අවස්ථාවට අනුව තෝරගන්න වෙනවා... 


ඇන්ටෙනා වයර් එක වුනත් 300 ඕම් 75 ඕම් කියලා අපි ගත්තට ඒකෙත් තව වර්ග තියනවා ගන්නකොට හිතන්න... ඇන්ටෙනාව තියෙන්නේ දුරකින් නම් 5C2V කියන වයර් එක තමයි ගන්න ඕනි... ඉතිං ගණං අඩුයි කියල 3C2V දැම්මට හරියන් නෑ... 

ටීවී එකේ dots වලින් හරි අපිට මේකෙදිනම් signal quality එක  පේනවා..


ඒත් UTP STP වල signal හානිය පේන් නැති නිසා අපි හරිම එක හරිම තැන දාන්න ඕනි.. 


Twisted pair ගැන ගොඩක් දේ දැනගත්ත නේද?.. අපි තවත් පාඩමකින් හමුවෙමු..

 අටවන පාඩම

~±ජාලකරණ දෘඩාංග±

#Co_axial_cable

#Coax


අපි අද කතාකරන්නේ "සමක්ෂක රැහැන්" ගැන... කලින් පාඩම් බැලුවෙ නැත්නම් මේ පේජ් එකට ගිහින් බලන්න Teach ICT


Coaxial Cables කියන්නේ ජාලකරණ සම්ප්‍රේෂණ මාධ්‍ය වල තවත් එක් නියමු මාධ්‍යයක්... මේක සමක්ෂක කේබලය කියලා හඳුන්වන්න පුලුවන්..... 


මේ කේබලය අපි RG6 සහ RG59 කියලා වර්ගකරනවා... RJ නෙමෙයි 😊 RG...RG කියන්නේ Radio Guide කියන එක...  අර ඇතුලෙන් තියන සුදුපාට insulator එකේ මහත සහ මධ්‍ය තඹ සන්නායකයේ මහත තමයි මේ වර්ගීකරණයේදි සළකා බලන්නේ...  RG 59 එක තමයි හොඳ එක... 


මේ වයර් එකේ සාමන්‍ය සැකැස්ම මෙහෙමයි...


1) මේ වයරෙඑකේ බාහිරින්ම තියෙන්නේ PVC හෝ fire resistant plastic ආවරණයක්.. මේ outer layer එකට කියන්නේ Sheath කියලා


2) Outer Conductor එක.. (Braided) අර දැලක් වගේ තියෙන සන්නායකය


3)ඊලඟට තියෙන්නේ Teflon insulator එකක්.. මේකත් ඉතිං pvc වගේ තමයි teflon කියන්නේ tetrafluoroethylene නෙහ්....


4) inner conductor එක.. අභ්‍යන්තර සන්නායකය...


සන්නයායක දෙකමටම පොදු මධ්‍ය අක්ෂයක් තියන නිසා co-axial කේබල් කියලා කියනවා...


මේ වයර් එක අවසන් වෙන connector එක මොකක්ද? ...

එක්කෝ BNC connector එකක්...

නැත්නම් N-Type Connector එකක්...

නැතිනම් SMG Connector එකක්..

එහෙමත් නැතිනම් F-Type connector එකක්...


BNC... FType තමයි ගොඩාක් cable modems , cable TV වගේ ඒවායේ පාවිච්චි වෙන්නේ...


සාමන්‍ය ඇන්ටෙනා වල තියෙන්නේ මේ සමක්ෂක කේබල්.... ඒකෙත් වර්ග දෙකක් තියනවා 3C2V සහ 5C2V කියලා.. මේක දෙකම 75 ඕම් තියන කේබල්.. මේකෙන් 5C2V එක පොඩ්ඩක් මහතයි... signal loss එක අඩුයි...


ඉතිං අපි අර RJ45 crimp කරා වගේම BNC Crimp Tool එකක්.. තියනවා.. ඒකෙන් water proof විදිහට connect වෙනවා...


BNC tester එකක් මාර්ගයෙන් මේ වයර් එක පිළිබඳ පරීක්ෂා කළ යුතු යි..


වර්තාමානයේ බහුලව භාවිතාවන CCTV පද්ධතිවලට අපි යොදාගන්නේ සමක්ෂක කේබල්ස්.....

CCTV camera හැම එකකම වගේ තියෙන්නේ BNC female output jack එකක්... ඒවගේම DVR එකේ තියෙන්නෙත් BNC female jacks ඒක නිසා... අපිට පහසුවෙන්ම කරන්න තියන වැඩේ තමයි RG59 coaxial cables එකක් අරන් ඒකෙ දෙපැත්තටම BNC male connectors සවි කරන එක.....


හැබැයි පවර් වයර් දෙකක් යවන්න ඕනි මේ කේබලයත් එක්ක...


හැබැයි දැන් තියනවා CCTV වලට හදපු Siamese coax cable කියලා කේබල් එකක්... මේක හොඳින් ආවරණය කරන ලද වයර් එකක්... මේ වයර් එක ඇතුලේ වීඩියෝ සඳහා RG59 coax cable එකකුත් ඒ වගේම ඒ වයර් එක ඇතුලෙම 18 guage සන්නායක power වයර් දෙකක් ඇතුල් කරල  තියනවා... ඒක නිසා එක වයර් එකෙන් video සහ power යවන්න පුලුවන්....


Coaxial Cable  ගැන ගොඩක් දේ දැනගත්ත නේද?.. අපි තවත් පාඩමකින් හමුවෙමු...

නව වන පාඩම

~±ජාලකරණ දෘඩාංග±~


#Mahindodaya_Technical_Laboratory_Network.


අපි මීට කලින් ජාලකරණ පාඩම් අටක් සාකච්ඡා කළා..ඒව කියෙව්වෙ නැත්නම් Teach ICT පේජ් එකට ගිහින් බලන්න. ...


ඔයාලට මතකද අර බිත්තියේ තිබ්බ සාමන්‍ය කරන්ට් එක ගන්න wall socket එක වගේ network wire එක බිත්තියට ගහන wall socket එකට කියන නම... ඒකට කිව්වෙ face plate එක කියලා.. ඒ face plate එක උඩ තියනවා අංකයක් ලියන්න පුලුවන් තැනක්... ඒ නැතත් අපි එතන අංකයක් දාන්න ඕනි... ඒ අංකයම අපි ඊට අදාල patch panel එකේ socket එකේත් තියෙන්න ඕනි... ඒ කියන්නේ switch එක ලඟ තියන හැම RJ 45 socket එකක්ම සම්බන්ධ වෙන්නෙ කොතනින්ද කියලා හරියටම හොයාගන්න ඕනි...ඒක ලියලා තියන්න ඕනි.. ඒක network එක හදද්දි දාල නැත්නම් අපි පොඩි experiment එකක් කරලා ඒ අංක ටික දා ගන්න ඕනි... 

හරි ඒ ඔක්කොටම කලින් ඉස්කෝලෙ ලැබ් එකේ හැම කම්පිපුටරයක්ම අංක කරල තියනවා නේද? අංකයක් print කරල tape එකක් ගහලා අලවල නේද තියෙන්නේ...  ඒත් computer අංකය computer name එක විදිහට system propeties වල සඳහන් කරල තියෙන්නේ කවුද? 

එහෙම කරල නැත්නම් ඊලඟට ගිය දවසෙම කරන්න... එහෙම කරාම වෙන්නෙ මොකක්ද? Computer එකේ අංකයම, නෙට්වර්ක් face plate එකේ තියනවා.. ඒ අංකයම switch එකේ තියනවා.. ඒ අංකයම IP adress එකෙන් assign කරනවා.. ඒ අංකයම ස්ථාවර වත්කම් ලේඛනයට දානවා... මෙහෙම කළාම Network management  ඉතාමත් සාර්ථකව වෙනවා...


හරි මේ ඔක්කොම පටන්ගන්න හැටි මම සරලව කියන්නම්.... මුලින්ම කරන්න තියෙන්නේ machine ටික ඔන් කරගන්න එක.. UPS වැඩ නැත්නම්  direct ගහල හරි on කර ගන්න....


දැන් ඩෙස්ක් ටොප් එකේ My Computer/ Computer/ This PC icon එක right click කරන්න...  ඒකේ properties යන්න...

දැං එන  window එකේ දකුණු පැත්තේ මැද හරියෙ තියන change settings යන්න...  (රූප පහළ දාල තියනවා)

එතකොට ඔන්වන SYSTEM PROPERTIES window එකේ

ඒකේ computer name එක යටතේ change click   කරලා.. computet name එක වෙනුවට ඒ පරිගණකයේ අංකය දෙන්න.. ඕනිනම් පොඩි prefix එකකුත් එක්ක දාන්න.. MTLPC1 වගේ..

Work Group එකෙ නම දැනට WORKGROUP කියලම තියන්න... 


සථාවර වත්කම් ලිපිගොනුවේත් ඒ පරිගණකයේ නම ඒ දාපු නමම ලියන්න...


ඊ ලඟට IP Addresa එකෙත් අවසන් අගයට මේ අංකයම දෙන්න ඕනි... 

Face plate එකයි patch panel එකයි නම් කරන්න හොයාගන්න බැරිනම් අපි හෙල්ප් එකක් දෙන්නම් ... ඒ සඳහා ඔබේ කලාපයේ Hardware Team එක conncet කරලා දෙන්නම්..


ඉතිං ඊට පස්සෙ ඕනිනම් අර පොල් සයිස් අකුරින් ගහලා තියන පරිගණක අංකය ගලවල ඉවත් කරන්නත් පුලුවන්... ..


එහෙනම් computer names ටික වෙනස් කරගෙන කියන්න අනිත් ඒව පස්සෙ බලමු... මේක දැනටම කරපු අයයි මේක වෙන වෙන විදිහට කරන්න දන්න අයයි මේ මොන විකාරයක්ද කියල හිතන්න එපා.. මේ හැමදේම අලුතින් ඉගෙන ගන්න අයත් ඉන්නවා.... 


ඔබ දැනට ලැබ් එකක් බාරව නැතත් මේ සියල්ල ඉගෙන ගන්න .. 

තවත් පාඩමකින් හමුවෙමු..

දහවන පාඩම 

~±ජාලකරණ දෘඩාංග±~

#Fiber_Optic_Cable

Twisted Pair සහ coax cable විදුලියත් එක්ක ගනුදෙනු කළාට fiber optics වැඩ කරන්නේ ආලෝකයත් එක්ක.... 

ප්‍රකාශ තන්තු හෙවත් optical fiber cable එක හැදෙන්නේ කෙඳි (strands) දහස් ගණනක් එකතු වෙලා... මේ කෙන්දක් සමහරවිට මිනිස් කෙස්ගසක් තරම් තුනී යි....

මේවා හරහා තොරතුරු ගෙනියන්නෙ "ආලෝකය" ස්වරූපයෙන්...

එක් මාධ්‍යයක ඉඳලා තවෙකකට තරංගයක් ගමන් කරනකොට  එහි ගමන් දිශාවෙහි සිදු වන වෙනසට තමයි අපි "වර්තනය" කිව්වෙ...

මේක අපි ප්‍රකාශ විද්‍යාවෙන් බැලුවොත් වර්තනය සිදු වන්නේ ආලෝක තරංග එක් වර්තනාංකයක් ඇති මාධ්‍යයක ඉඳලා වෙනත් වර්තනාංකයකින් යුතු මාධ්‍යයකට යාමේ දී.....


ඒවගේම ඔබ දන්නවා ආලෝක කිරණයක් කිසියම් පෘෂ්ඨයක වැදිලා ආපසු හැරී එම මාධ්‍යය තුලම වෙනත් දිශාවකට ගමන් කිරීමට අපි කියන්නේ "ආලෝක පරාවර්තනය" කියලා.   


ඉතිං මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වගේ ආලෝක වර්තනය හා සම්බන්ධ සංසිද්ධි, මානව ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීමේ හොඳම උදාහරණයක් ලෙස ප්‍රකාශ තන්තු හඳුන්වන්නට පුළුවන් .  .


එක් අන්තයකින් ඇතුල්වන ආලෝක කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙවී 

අනෙක් කෙළවරින් පිටවීම තමයි මෙහිදී සිදුවෙන්නෙ ...


මේ ප්‍රකාශ තන්තු තාක්ෂණය පරිගණක ක්ෂේත්‍රයේ යොදා ගන්නත් කලින් පවා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මිනිස් ශරීරයේ  අභ්‍යන්තර කොටස් පරීක්ෂණ කිරීම සඳහා භාවිතා කළා....


Fiber එකක් හරය හා ආවරණ තට්ටුවකින් සමන්විත වෙනවා.... (core and cladding layer)


මෙන්න මේ මාධ්‍ය දෙකේ වර්තානාංක එකිනෙකට වෙනස් නිසා මෙහිදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවෙනවා... 


මේ ආවරණය (cladding එක) සාමන්‍යයෙන් ඇක්‍රිලේට් පොලිමර් හෝ පොලිමයිඩ් තට්ටුවකින් ආවරණය කරල තියෙන්නේ.. 


Core එක වටෙත් ආවරණයක් දාල තියෙන්නේ...


අර twisted pair එක අවාසනයේදී RJ45 connectors දැම්ම වගේම මේ වයර් එකේ අගට සෙට් කරන්නේ.. FC, SC, FMA, ST, LC, E2000 වගේ connectors.... (රූප බලන්න)


Twisted Pair එකට RJ 45 සම්බන්ධකරන්න crimping tool එක යොදාගත්තා වගේ මේකෙදි fiber cleaver කියල එකක් use කරනවා (රූපයබලන්න)


මේ කේබල් OFC, OFN, OFCG, OFNA, OFCP OFCR වගේ වර්ග තියනවා.. සන්නායක තියනවද නැද්ද වගේ දේවල් අනුව තමයි මෙහෙම බෙදෙන්නේ...


ඉතිං.. අනිත් cables එක්ක බලද්දි optical fiber වල වාසි ගොඩක් තියනවා..


** ඉතාම ඉහල කලාප පළලක් (Band width)

** ඉහළ වේගයක් (high speed)

** භාහිර තරංගවලින් වන බලපෑම අඩුයි

** දත්ත වල ආරක්ෂාව වැඩියි...


මුළු ලෝකයට සම්බන්ධ කරල තියන submarine cable network එකක් fiber optics වලින් තමයි හදල තියෙන්නේ... 


නැවක නැංගූරමක් හෝ මෝරෙක්ගේ අටෑක් එකක් ආවොත් අපේ රටටම internet නැතිවෙන්න පුලුවන් 😊


හරි.... fiber optics ගැන ගොඩාක් දේවල් දැන ගන්න ඇති කියලා හිතනවා.. කොහොමහරි කට්ටක් කාල මේ කේබලයක් හොයාගත්තොත් ඒකෙ එක  පැත්තකට ආලෝකයක් ඇල්ලුවම අනෙත් පැත්තෙන් ඒ ආලෝකය එන හැටි බලන්න පුලුවන්.... 


අර සැණකෙලි වල විකුණන්න තියන මල්පෝච්චි වලත් fiber use වෙනවා.. ඒකෙ පහලින් දාලා තියන එළිය ඒ කූරු අගින් ලස්සනට පෙන්නනවා....






එහෙන්ම් තවත් පාඩමකින් හමුවෙමු...

Thanks sir ජානක පුෂ්පකුමර

No comments:

Post a Comment