Thursday, July 23, 2020

Process Synchronization for grade 11 ict





Operating systems 

ක්‍රියාවලි සමමුහර්තකරණය (Process Synchronization) ගැන අපි කතා කරමු..
මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාවලි කළමනාකරණය යටතේ තමයි මේ පිළිබඳව සාකච්ඡා වෙන්නෙ...



සමමුහර්තකරණය පදනම් කරගෙන බලනකොට ක්‍රියාවලි වර්ග දෙකක් තියනවා.. එනම් independent process හා cooperative process.
එක් process එකක ක්‍රියාක්මක කිරීම වෙනත් process එකක ක්‍රියාත්මක කිරීමට බල නොපායි නම් එවැනි ක්‍රියාවලි independent process කියලා කියනවා.. (the execution of one process DOES NOT afftect another process)
මෙවැනි අවස්තා වලදී synchronization (සමමුහර්තකරණය) අවශ්‍ය වෙන් නෑ....

සමමුහර්තකරණය අවශ්‍ය වෙන්නේ cooperative process වලදි..
දැන් අපි බලමු cooperative process එකක් කියන්නෙ මොකක්ද කියලා....

එක් process එකක ක්‍රියාක්මක කිරීම වෙනත් process එකක ක්‍රියාත්මක කිරීමට බලපායි නම් එවැනි ක්‍රියාවලි cooperative process කියලා කියනවා.. (the execution of one process afftects another process)
මෙන්න මේකෙදි අපිට අවශ්‍ය වෙනවා සමමුහර්තකරණයක් ... මොකද මේකෙදි එක ක්‍රියාවලියක් අනෙක් එකට බලපානවා වගේම ඒ ක්‍රියාවලි මගින් එකම resources භාවිතා කරන නිසා ...
හිතන්න අපි එක දිගට films 20 ක් බලන්න යනවා. 😊😊
ඉතිං මේ ටික අපි තනියෙම ගෙදර ඉඳං අපේ ලැප්ටොප් එකෙන් බැලුවොත් අපිට ඕනි විදිහට බලන්න පුලුවන්... මොකක්ද මුලින් බලන්නෙ මොකක්ද ඊලඟට බලන්නෙ රිවයින්ඩ් කරනවද නැද්ද වගේ දේවල් කාගෙවත් මත යැපෙන් නැතුව අපිටම ස්වාධීනව තීරණය කරන්න පුලුවන්. මේක independent process  වගේ..  අනෙක් කෙනා ගැන බල බල ඉන්න ඕනි නෑ..
ඒත් අපි හිතමු අපි film hall එකක film ටික බලනවා කියලා..  එතකොට අපිට ඕනි දේම කරන්න බෑ.. හැමෝගෙම අවශ්‍යතා මත යැපෙන්න වෙනවා.. මොකද අපි පාවිච්චි කරන්නෙ පොදු සම්පත් (sahred resources)
ඒ වගේ දෙයක් තමයි cooperative process කියන්නෙ.. එතකොට පිළිවෙලට ගැටලුවක් නැතුව resources හා අවස්තා බෙදාගෙන ගැටුම් නොවන පරිදි execution එක වෙන්න තමයි synchronization අවශ්‍ය වෙන්නෙ...
මේකෙදි තියනව critical region කියල සංකල්පයක්.. critical region එකේදි ක්‍රියාත්මක වෙන්නෙ one process at a time කියන සිද්ධිය. ඒ කියන්නෙ එක වෙලාවක එක process එකයි ක්‍රියාත්මක වෙන්නෙ, අනෙක් processes පෝලිමේ ඉන්නවා.. මෙන්න මේ වගේ processes පාලනයකරල යොමුකරල එකිනෙක හා බල්පෑම් තියන අවස්තා වල එකළඟට දාලා සමපතනය කරන එකට තමයි synchronization කියල කියන්නේ..
එක්කෙනෙක් washroom ගිහින් එනකන් අනිත් අය පෝලිම් ඉන්නවා වගේ වැඩක්... cooperative washroom එකක් නිසා මේ කේස් එක වෙන්නෙ... independent washroom එකක්නම් ප්‍රශ්නයක් නෑනෙ... 😊 මේකෙදි washroom එක තමයි critical region එක මොකද ඒකෙදි one man at a time / one process at a time.
එතකොට  synchronization කියන්නෙ මොකක්ද ?
synchronization is the mechanism to ensure a systematic sharing of resources amongst concurrent processes

සමමුහුර්තකරණය යනු සමගාමී ක්‍රියාවලීන් අතර සම්පත් ක්‍රමානුකූලව බෙදා ගැනීම සහතික කිරීමේ යාන්ත්‍රණයයි

No comments:

Post a Comment